බෙංගාල බොක්ක මුහුසු ප්‍රදේශයේ මේ වන විට වර්ධනය වෙමින් පවතින පීඩන අවපාත තත්වය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුල නිරන්තර අවධානයෙන් සිටින ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය විසින් ධීවරයන්ට අනතුරු අගවා ඇත.
එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ,මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබද අවදානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු වීමට කටයුතු කළයුතු බවද ධීවර දෙපාර්තමේන්තුව ධීවරයන්ට දැනුම් දෙයි.