Tuesday, September 15, 2026
spot_img

දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු දුෂණ චෝදනා ……

Must read

අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ මේ වර්ෂයේ ජනවාරි 1වැනිදා සිට ජුනි මස 30 වෙනිදා දක්වා අතර කාලයේදීය.

මේ අතර එම කාලසීමාවේදී අල්ලස් ගැනීම් සම්බන්ධ වැටලීම් 22 ක් කර ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.

අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පැවරීම් ගණනාවක් මේ වර්ෂයේදී කර ඇතැයි එම කොමිසමේ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර ආර්ථික උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් දිවයින පුරා අල්ලස් ගැනීමේ සිද්ධින්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් පැවසේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article