දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට තිබෙන ස්ථානයෙන් පිළියන්දල කලාපොල ප්‍රදේශයට රැගෙන යාම සම්බන්දයෙන් වන යෝජනවාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ සතුන් කූඩු කර තැබීමේ සත්වෝද්‍යාන සංකල්පයෙන් වෙනස්ව සතුන්ට හිංසනයක් නොවන ආකාරයෙන් සත්වෝද්‍යාන පවත්වාගෙන යාම මේ වන විට ප්‍රවණතාවයක් බවට පත්ව ඇති බවයි.