ශ්‍රිලංකාවේ කුමන්ත්රණකාරී ජනපති විසින් අගමැති ලෙස පත්කල මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පසුගිය සඳුදා (දෙසැම්බර් 03) අතුරු තහනම් නියෝගයක් නිකුත්කෙරිණි. එසේ වීමේදී අගමැති තනතුර මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ නතතුරුද බලරහිත වන අතර ‘දිවයින’ පුවත්පත තවමත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හදුන්වා ඇත්තේ “අගමැති “ලෙස.
ඒ අනුව එම පුද්ගලයා එසේ හැදින්වීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස හැදින්විය හැකි අතර එජාපය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කරමින්ද මේ බව සදහන් කර සිටියේය.