Friday, September 20, 2024

දිනකට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය 1000 දක්වා වැඩි කිරීමට තීරණයක්

Must read

COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමඟ ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මෙම PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල තිබෙන පහසුකම් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ වනවිට දිනකට, රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින්, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සහ පරීක්ෂණවලට භාජනය කළ යුතු සමාජයේ පුද්ගලයින් 800 කගේ පමණ සම්පල රජයේ සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන අතර, මෙම පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇත.

ඒ තුළින් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගත හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.

PCR පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය ලබා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) පෙරවරුවේ සෞඛ්‍ය හා දේශීය දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

මෙම අවස්ථාවට පෞද්ගලික රෝහල් වන ආසිරි, නවලෝක, ඩර්ඩන්ස්, ලංකා යන රෝහල් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී ඇත.

මෙහිදී ඔවුන් විසින් පැවැසුවේ දිනකට එක් රෝහලකින් සාම්පල් 100 ක් පරීක්ෂා කොට වාර්තා ලබා දීමට හැකි බවයි.

ඒ අනුව දිනකට 1000 වැඩි PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කළ හැකි වන අතර, එම රෝහල් සමඟ පුළුල්ව සාකච්ඡා කොට කොවිඩ් 19 වෛරස පරීක්ෂණ කටයුතු සඳහා සහාය ලබාගැනීමට සෞඛ්‍ය අමත්‍යාංශය කටයුතු කරනු ඇත.

මෙම අවස්ථාවට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරින් හා පෞද්ගලික රෝහල් නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරින් එක්ව සිටියහ.

(දෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article