Friday, September 20, 2024

දසුන් දේපල වෙළදාම් දැන්වීමට පෙනී සිටියේ ඕස්ට්‍රේලියාවේදී නොවන බව හෙලිවෙයි

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාම් ප්‍රවර්ධනයකට පෙනී සිටි බවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුණ රණතුංග මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත පෙන්වූ අදාළ දැන්වීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීමට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේදී රූගත කර ඇති දැන්වීමක් බව වාර්තා වේ. 2022 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැති පරීක්ෂණයේදී අර්ජුණ රණතුංග විසින් එම දැන්වීම ඇමැතිවරයා හමුවේ පෙන්වා දෙන ආකාරයට අදාළ රූපගත කිරීම ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔස්ටේ්‍රලියාවේදී සිදුවූවක් ලෙසින් ගම්‍ය විය.

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට සම්මත වෙළෙඳ දැන්වීමක් හෝ අලෙවි ප්‍රවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටීමේ නිදහස හිමිවන අතර ඒ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ක්‍රීඩකයා වෙත පැවරෙන අතර ඔවුන්ට එසේ දැන්වීම්වලට පෙනී සිටීමට නීතිමය බාධාවක් ද නොමැත. එසේම එම දැන්වීමට අදාළ රූපරාමු ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පෙන්වා දෙන අවස්ථාවේදී ලංකා ක්‍රිකට් නායකයා එම ස්ථානයේ සිට නැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා එහි සිටින අයුරින් පළවන වීඩියෝ සංස්කරණය කර මුදාහැර ඇති වීඩියෝ බවද වාර්තා වේ.

මෙයට පෙර 2018 දී ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයකට ලක්වූ තරගාවලියක් අතරතුර එවක සිටි ප්‍රබල ක්‍රීඩකයෙක් එක්තරා දැන්වීමකට පෙනී සිටි නමුත් එකී පරාජය සම්බන්ධයෙන් හෝ එම තරගාවලිය අතරතුර දැන්වීම්වලට පෙනී සිටීම සම්බන්ධයෙන් කිසිදු දෝෂ දර්ශනයකට ඔහු ලක් නොවීය.
කුෂාන් සුබසිංහ (දිවයින)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article