Monday, November 25, 2024

දඹදිව වන්දනාකරුවන්ට මැලේරියා වැලදීමේ අවදානමක්

Must read

දඹදිව වන්දනාවේ යෙදෙන බැතිමතුන් මගින් නැවතත් මෙරටට මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව වාර්තා වෙයි.
පසුගිය සතියේදී පමණක් දඹදිව වන්දනාවේ ගොස් පැමිණි වන්දනාකරුවන් 5දෙනෙකුට මැලේරියාව වැලදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ හේතුවෙන් දඹදිව වන්දනාවේ හෝ මැලේරියා වසංගතය පවතින රටවල සංචාරය කරන්නේ නම් ඊට පෙර මැලේරියා පෙති ලබා ගන්නා ලෙස උපදෙස් ලබාදෙන බවද එම අමාත්‍යාංශය කියයි.

කොළඹ නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ රටපුරා සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ප්‍රාදේශීය මැලේරියා කාර්යාලවලින් මැලේරියා පෙති නොමිලේ ලබාගත හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article