Friday, September 20, 2024

තෝරාගත් මගීන් පිරිසකට මෙරටට පැමිණීමට අවසර

Must read

රාජ්‍ය තාන්ත්‍රිකයන්, අන්තර්ජාතික සංවිධානවල නිලධාරීන්, ආයෝජන මණ්ඩලයට අදාළ පුද්ගලයන්, නාවිකයන් සහ හමුදා නිලධාරීන් ඇතුලු තෝරාගත් පිරිසකට නැවතත් මෙරටට පැමිණීම සදහා සීමිත ගුවන් ගමන් වෙනුවෙන් අවසර ලබාදීමට රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ධුර කාලය අවසන් කර ආපසු පැමිණෙන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන්, ශ්‍රී ලංකාවේ ස්ථානගත කර ඇති විදේශ තානාපතිවරුන්, නෞකාවලින් පිටත්ව යන නාවිකයන් සහ හමුදා සාමාජිකයන් ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය ව්‍යාපෘතිවල නියුතු ආයෝජන මණ්ඩල ව්‍යාපාරවල සේවකයන් මෙම පිරිසට ඇතුළත් වෙන බව ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article