Saturday, November 23, 2024

තෙල් ගැන ඇත්ත කියන්නේ කව්ද ?

Must read

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසු බව දිණමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

“බලශක්තිය රටට ශක්තියක්” මැයෙන් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ලේකම්තුමිය මෙම අදහස් පළ කර තිබුණි..  

එම පුවතේ මෙසේද සදහන්ය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ මහතා ද සහභාගී වූ මෙම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහෙයවනු ලැබීය. මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති බවත් මෙම මස තුළ ඉන්ධන නැව් තොග හතරකින් ඩීසල් මෙට්‍රික් ටොන් 172,000ක් ලැබීමට නියමිත බවත්, එසේ ලැබෙන ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදුකරන බවත් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.   විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නැව් තොග කිහිපයක් ද ලැබී ඇති බවත් (මෙට්‍රික් ටොන් 30,000) එමඟින් දැවී තෙල් භාවිතා කරන වෙස්ට් කෝස්ට් වැනි විදුලි බලාගාර සම්පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළහැකි බවත් ලේකම්තුමිය පෙන්වාදෙන ලදී. මාර්තු 20 වන දින තවත් දැවි තෙල් නැව් තොග ලැබීමට ද නියමිතය.  

“ඉන්ධන තොග ලැබීමෙන් පසු දැනට පවතින ඉන්ධන සහ විදුලි බල ගැටලු ඉතා ඉක්මනින් පහව යනු ඇත. අපගේ සැළසුම් අනුව අවශ්‍ය ඩොලර් සපයාගැනීම පිළිබඳව ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.    මේ සඳහා ජනාධිපති ලේකම්, භාණ්ඩාගාර ලේකම් සහ මහබැංකු අධිපතිතුමා ද නිරන්තරයෙන් සොයාබලා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටී,” ලේකම්තුමිය තවදුරටත් පැවසීය.

විවිධ ක්ෂේත්‍රවල ඇති හිගතාවයන් අඩුපාඩු ගැන රජය විසින් මාධ්‍ය ඉදිරියේ සිදුකරනු ලබන ප්‍රකාශයන් ගැන එතරම් විශ්වාසයක් දැන් රටවැසියාට නැත.පසුගිය දිනවල ඩිසල් ලබාගැනිම සදහා IOC ඉන්ධන හල් අසල දිගු පෝලිම් දැක ගත හැකිවිය.
මැදියම් රැයේ සිට වැඩි වු ඩිසල් මිළ යට‌තේ ඩීසල් ලබාගැනිමට අද පෙරවරුවේත් IOC ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දැක ගත හැකි විය.
ඉදිරි දිනවලදි සිපෙට්කෝ ඉන්ධන අසල මෙතෙක් පැවැති දිග පෝලිම් තවත් දිගුවිමට නියමිතව ඇත්තේ IOC විසින් ඉන්ධන මිළ විශාල ප්‍රමාණයකින් ඉහල දමා ඇති බැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article