Friday, September 20, 2024

තැපැල් කාර්යාල වල ලිපි දහසය ලක්ෂයක් හිරවෙලා

Must read

මධ්‍යම තැපැල් හුවමාරුවද ඇතුලුව දිවයින පුරා තැපැල් කාර්යාල වල ලිපි දහසය ලක්ෂයක් පමණ ගොඩගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.

ඒ මහතා පවසන්නේ අතිකාල ඇතුළු සියලුම දීමනා නතර කිරීම, සේවක පුරප්පාඩු නොපිරවීම යන හේතූන් මත මෙම තත්වය ඇතිව ඇති බවයි. පැය 8 සේවාමුරය තුල මෙම තත්වය ඉදිරියේදී තවත් උග්‍රවිය හැකිබවද ඒ මහතා පන්වා දෙයි.

පවතින ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියරත්න හා තැපැල් වෘත්තීය සමිති අතර ඊයේ (2දා) සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී ද ගැටලුවලට විසඳුමක් නොලැබුණු බවත් හෙතෙම කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article