අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් සම්බන්දයෙන් දැනට සිදුකර ඇති විමර්ශණ වලදී එළිදරව් වූ කරුණු අනුව ඔහුට ඇප ලබාදීම සම්බන්දයෙන් විරුද්ධත්වයක් නොමැති බව නීතිපතිවරයා විසින් දැන්වීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ(15) නියෝග කළාය.මොහුව අත්අඩංගුවට ගෙනු ලැබුවේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක වශයෙන් කටයුතු කරමින් එම සංවිධානයට අයත් වීඩියෝ පට හා සංයුක්ත තැටි තබාගෙන කිසියම් අපරාධ ක්‍රියාවක නිරත වීමට සූදානම් වීම සම්බන්ධයෙනි.

මේ සම්බන්දයෙන් වන නඩුව යළි සැප්තැම්බර් 24 වනදා කැදවීමට නියමිතය.