Friday, September 20, 2024

තම සිඟිති දියණිය ඝාතනය කල පියෙකුට මරණ දඩුවම

Must read

වයස අවුරුදු තුනහමාරක් වන තම සිඟිති දියණිය ඝාතනය කල පියෙකුට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා විසින් මරණ දඩුවම (04) දින නියම කර තිබේ.

මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබුවේ, නුවරඑළිය රාගල හල්ගන්ඔය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකුට ය.මෙම පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ඇත්තේ2014 වසරේ ඔක්තෝබර් 24 දිනදීය.

චුදිතයාගේ බිරිඳ කුවෙට් රාජ්‍යයේ ගෘහසේවය සඳහා 2014 වසරේ දී විදෙස්ගත වී ඇති අතර එහිදී ඇය මෙරට තරුණයෙකු සමග අනියම් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.ඇය සිය ස්වාමියාට හා ඔහුගේ දරුවන්ට නොසලකා හැරීම හේතුවෙන් විරසක වී සිටි ස්වාමියා මෙලෙස සිය දියණියගේ ගෙල සිරකර ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article