Monday, September 14, 2026
spot_img

ඩිල්ෂාන්,කමලනාත්,මුතුහෙට්ටිගම නාමයෝජනා ලැයිස්තුවෙන් විසිවෙයි

Must read

මෙවර මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරගවදින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ට මෙන්ම නළු අර්ජුන් කමලනාත්ටත් නාමයෝජනා හිමිව නැති බව වාර්තා වෙයි.

මොවුන් දෙදෙනො විසින් තමන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව පවසමින් ප්‍රචාරණ කටයුතු පවා ආරම්භ කර තිබූ අතර අර්ජුන් කමලනාත් විවිධ අවස්ථාවන් වලදී සමාජ මාධ්‍ය හරහා හාස්‍යයට ලක්වීමද සිදුවිය.කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ගේ නම පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවට ඇතුලත් බවද වාර්තා වෙයි.

එමෙන්ම බද්දේගම ආසනයේ ශ්‍රී ලංකානිදහස් පක්ෂ ආසන සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමටද මෙවර නාමයෝජනා හිමිව නැති බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article