Wednesday, May 28, 2025

ජීවිතය ඉල්ලා හඬා වැටෙද්දී, කරාපිටියේ දී තරුණයකු මියයයි

Must read

= = = = = =
රෝහලකට කෙනෙක් ගෙනියන්නේ කොහොම හරි ඒ පුද්ගලයාගේ ජීවිතය බේරාගනීව කියන බලාපොරොත්තුව ඇතිව.
ඒත් රජයේ රෝහලකට ගෙනගිය පුද්ගයකු තමන්ට ප්‍රතිකාර කරන්න යැයි ඉල්ලා කෑ ගහද්දී එහි කාර්ය මණ්ඩලය වගේ වගක් නැතිව ඒ රෝගියා ගැන නොසොයා ඉන්නවනම් ඒ මනුස්සයට ඇතිවන හැඟීම, ඥාතීන්ට ඇතිවන වේදනාව කොයිතරම් වෙනවා ඇත්ද ?
ඊයේ (25) සවස 1.30ට පමණ හබරාදුවේ ධී අනතුරට ලක්වුණු තරුණයෙක් ගාල්ල ජාතික රෝහලට රැගෙන ආවා. එයාගේ අම්මයි නංගියි මේ බව දැනගෙන 3.30ට විතර රෝහලටට යනවිටත් ඒ තරුණය‍ා රෝහලේ ට්‍රොලියක් මත වැතිරිලා ඉන්නවා.


ඔහු කෑ ගසුවා. මගේ ඇඟ රිදෙනවා යටිබඩ රිදෙනවා අනේ මට ප්‍රතිකාර කරන්න කියලා. ඒත් වෛද්‍යවරු හෙද හෙදියන් කීවේ එයාට අමාරුවක් නෑ. එක්ස්රේ එකක් අරගෙන ප්‍රතිකාර ගැන තීරණය කරනවා කියලා. මේ තරුණයා ඉන්නේ රෝහලේ ක‍ොච්චර වේදනාවෙන් කෑ ගැහුවත්, අර අම්මටයි නංගිටයි බයක් තිබුණේ නෑ. වෛද්‍යවරු ඉන්නවා, හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් ඉන්නවා. ඕනම හදිසි අවශ්‍යතාවයක දී කෙනෙකුගේ ජීවිත බේරාගන්න අවශ්‍ය සියලු උපකරණ ඇතුළු පහසුකම් තියෙනවා.

ඉතින් ඒ අම්මා තමන්ගේ පුතා ගාව එයාගේ යාළුවෝ දෙන්නෙක් නවත්වලා හවස ගෙදර ගියේ පසුවදා උදේට එන්න බලාපෙ‍ාරොත්තුවෙන්.

අම්මට තවත් රාජකාරියක් තිබුණා. අනතුරට පත්වෙච්ච පුතා විවාහකයෙක්. ඔහුගේ බිරිඳ දරුවකු බිහිකරලා යන්තම් දින 18යි ගතවෙලා තියෙන්නේ. අම්මා දහසකුත් එකක් බලාපොරොත්තු එක්ක නිවසට ගියේ පසුව දා උදේම එනවා කියලා පුතාට පොරොන්දු වෙලා.

රෑ වෙනකොට අනතුර පත්වෙච්ච අර තරුණයාගේ වේදනාව තව තවත් වැඩිවෙලා. ප්‍රතිකාර කරන්න කියලා රෝහල් කාර්ය මණ්ඩලයට කොතරම් බැගෑපත්වුණත් කිසිම ප්‍රතිකාරයක් ඔහුට ලැබුණේ නෑ. ටිකකින් මේ තරුණයාව ස්කෑන් කරන්න එක්‍කගෙන ගියා. ඔහුගේ බඩ සහ පපුව ප්‍රදේශය ස්කෑන් කරලා. ස්කෑන් කරද්දිත් ඔහු ඉල්ලා සිට තිබෙනවා මගේ යටිබඩ සහ කකුල් හොඳටම රිදෙනවා ඒ නිසා ඒ හරියත් බලන්න කියලා. නමුත් ළඟ හිටපු තරුණයන් කියන්නේ ඒ ප්‍රදේශය බැලුවේ නෑ කියලා. මේ වනවිට ඔහුට මුත්‍රා සමඟ රුධිරය පවා පිටවෙලා තිබුණා. ඒත් ඒ ගැනවත් රෝහලේ සේවකයන් තැකීමක් කළේ නෑ කියලා තමයි ඔහු සමඟ සිටි මිතුරන් කියන්නේ.
‍වාට්ටුවට එක්කගෙන ආපු ඔහුව නැවත ට්‍රොලියකම තියල තිබුණා. මිතුරා ඔහුගේ ඇඳුම් මාරුකරන්න උත්සාහ ගත්තා.

ඒ අවස්ථාවේ දී තමයි දැකලා තියෙන්නේ ලිංගේන්ද්‍රය ආසන්නයේ ලේගලන තුවාලයක් තියෙනවා කියලා.
මිතුරා මේ බව ‍දුවගෙන ගිහින් හෙදියන්ට කිව්වා. හෙදියන් ඇවිත් ගෝස් කෑල්ලක් තියලා තුවාල වැහුවා. උත්තරය මේක එච්චර අමාරු නෑ. මෙයාට අමාරු නෑ. කියන එක.
ටිකෙන් ටික මධ්‍යම රාත්‍රිය උදාවෙලා, පසුවදාටට ඉර මෝදු වෙන්න පටන්ගත්තා. කොහේදෝ ඉදලා හඬ නගාගෙන ගිලන්රථයක් ආපු ශබ්දය අහපු අනතුරට ලක්වූ තරුණයා අමාරුවෙන් ට්‍රොලියෙන් බැහැලා අර ගිලන් රථය දෙසට ගියා.

“අනේ මට මු බෙහෙත් දෙන්නේ නෑ, මාව බලන්නෙවත් නෑ, ඒත් මට ඉන්න අමාරුයි. මාව ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගෙනියන්න.” ඔහු ගිලන් රථයට ගොඩවෙන්න උත්සාහ ගනිද්දී මේක දැකපු රෝහල් සේවකයන් මේ අනතුරට ලක්වී ප්‍රතිකාර ඉල්ලා පැය 15ක් විතර රෝහල් සේවකයන්ට බැගෑපත්වන තරුණයාව නැවත රෝහලේ හදිසි අනතුරු ඒකකය ඇතුළට ගත්තා. අරගෙන පුටුවක වාඩි කෙරෙව්වා.
ගතවුණේ මොහොතයි මේ තරුණයා ලේ වමනය කළා. තවත් මොහොතකින් ඔහුගේ ඉල්ලීම කෙඳිරියක් බවට පත්වුණා.

ටිකෙන් ටික නිසොල්මන් වුණා. වටේ හිටි අය කෑ ගහද්දී ඔහු පරීක්ෂා කළ රෝහල් කාර්ය මණ්ඩලය කිව්වේ මේ තරුණයා මියගිහින් කියලා.
මහ මඟ දී හදිසි අනතුරකට ලක්වෙලා ගාල්ල ජාතික රෝහලට ගෙනවිත් පැය 15කට වඩා වැඩි කාලයක් ප්‍රතිකාර ඉල්ලමින්, ජීවිතය ඉල්ලා හඬා වැටුණු මේ එක්දරු තරුණයා අවසන් හුස්ම හෙළලා.

රෝහලේ මොහොතකින් එක ගාලගොට්ටියක්. තරුණයාගේ නිසළ දේහය ට්‍රොලිය මත තියෙද්දී මවත්, නැගණියත් ඔහු‍ගේ ජීවිතය ඉල්ලා සිටියත් නැවත පණ ආවේ නෑ,
මේ තරුණයාට රෝහලෙන් ප්‍රතිකාර නොලැබුණු බවට අවට සිටි කිහිප දෙනෙක් ම සාක්ෂි සැපයුවා.
හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මූලික සොයාබැලීම්වලින් පස්සේ මරණය ගාල්ල මහේස්ත්‍රාත් වෙත යොමුකරා.
අපි බලාගෙන ඉදිමු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම නිසා තරුණයකු මියයාමේ සිද්ධියක් බවට හැමෝම ප්‍රකාශ කරනර මේ මරණයට යුක්තිය ඉටු වෙන්නේ කොහොම ද කියලා.
තවත් විස්තර පහත සබැඳියෙන්

ගාල්ල ජාතික රෝහලේ දී තරුණයකු මරාගත්තා යැයි චෝදනා. පරීක්ෂණ මහේස්ත්‍රාත්ට

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article