Friday, September 20, 2024

ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයට

Must read

ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම්වරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා පත් කර තිබේ.පක්ෂයේ විධායක සභාව අද (17) කොටගල දී රැස් වූ අවස්ථාවේදී  මෙම තීරණය ගත් බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික මරද පාණ්ඩි රාමේෂ්වරන් මහතා පැවසීය.

එමෙන්ම පක්ෂයේ මහලේකම්වරිය වශයෙන් කටයුතු කල අනූෂා සිවරාජා මහත්මිය පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් පත්කිරීමද එහිදී සිදුවී ඇත.නමුත් ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් හිස් වූ පක්ෂයේ නායකත්වය සඳහා කිසිවෙකුත් පත් කර නොමැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article