Tuesday, September 15, 2026
spot_img

ජාතික රෝහලේ මුදල් මංකොල්ලය වැලැක්වූ පොලිස් නිලධාරියෙකු ජීවීතක්ෂයට

Must read

පසුගිය ජුනි මස 09 වෙනිදා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ රුපියල් ලක්ෂ 79 මුදල් මංකොල්ලය වැළැක්වීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම නිලධාරියා සහ තවත් නිලධාරියෙකු ගමන් කරමින් සිටි යතුරු පැදිය පසුගිය 11 වෙනිදා රාත්‍රියේදී බම්බලපිටිය හැව්ලොක් පාරේ පිහිටි සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් සිදූවූ අනතුරකින්,නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති අතර ඉන්පසු ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය බුද්ධි අංශයට අනියුක්ත පොලිස් නිලධාරියා අද (14) අලුයම කොළඹ ජාතික රෝහලේදී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article