Tuesday, November 19, 2024

ජනපතිට අපහස කළා යයි ස්වර්ණවාහිනියේ තුනක් දොට්ට!

Must read

හිමිනමකගේ සංස්කරණය කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපහාසයක් සිදුව ඇතැයි කියමින්

ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි ‘අනිද්දා’ පුවත්පත වාර්තා කරයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භවීම නිමිත්තෙන් දෙසැම්බර් 11 වැනි පොහොයදින ශ්‍රී පාද ස්ථානානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රකාශයක් ස්වර්ණවාහිනියේ රුපවාහිනී නාලිකාවේ විකාශය කර ඇති අතර එම සංස්කරණය කරන ලද ප්‍රකාශයෙන් ජනාධිපතිවරයාට අපහාසයක් වී ඇතිබවට නිගමනය කර තිබේ.

සංස්කරණයෙදී ධම්මදින්න හිමියන්ගේ ප්‍රකාශය තුළ ‘කාලකන්ණි’ යන වචනය ජනාධිපතිවරයා සමග වචනය සමග එකට විකාශය වීම මෙම අපහාසයට හේතුවී ඇත.

ඒ අනුව මෙම ප්‍රවෘත්තිය පළ වූ දිනට පසුදින සහකාර කළමනාකරු වජිර සුමේධ ජයරත්න, ප්‍රවෘත්ති සංස්කාරිකා තිලිණි පෙරේරා සහ වීඩියෝ තාක්ෂණ ශිල්පිණි රසාදරී නෙරංජලාගේ වැඩ තහනමට ලක්කර තිබේ.

එදින සිට අද දක්වා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා නොමැති අතර මෙම වැඩ තහනම වූ කලි සේවයෙන් ඉවත්කිරීමට සමාන යයි එහි සේවකයෝ පවසති.

ස්වර්ණවාහිනියේ කලමනාකර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජේ ශ්‍රී රංගාය.

මේ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය දැනගැනීම සඳහා ඔහුව දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට අප විසින් දැරූ උත්සාහය අසාර්ථකවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article