මෙරට ඉතිහාසය තුල එක් දිනක් තුල වැඩිම වනාන්තර ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කල දිනය ඊයේ (12) දිනය ලෙස වාර්ථා විය. එම අවස්ථාවේදී කඩොලාන වනාන්තර ඇතුලු මෙතෙක් අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම්කිරීම සිදුවිය.
ඒ සදහා වන ගැසට් නිවේදන 65කට රාජ්‍ය නායකයා ලෙස සිය අත්සන යොදමින් ජනධිපතිතුමන් විසින් එම අනාරක්ෂිත වනාන්තර ආරක්ෂිත තත්වයට නම් කිරීම සිදුවිය.
මෙම ගැසට් නිවේදන සදහා අත්සන් තැබීම සිදුවූයේ ගල්ඔය රක්‍ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ය.



