ගහන්න තවත් තුරුම්පු තියෙනවා යැයි කියමින් පම්පෝරු ජනපති සිරිසේනගේ අතේ දැන් ඇත්තේ ජෝකර් පමණක් විය යුතුය. ඔහු විසින් එය සිහිවටනයක් සේ තවදුරටත් තබාගන්නා හැරෙන්නට දැන් කරන්නට දෙයක් නැත.
වලංකාරයොගේ අවුරුද්දක වැඩ පොලු කාරයාට එක දවසක් යැයි කියමනක් ඇත. ලංකාවෙ ඒ පොලුකාරයා අන් කිසිවෙකුත් නොව සිරිසේනමය.
මහින්ද රාජපක්ෂ මරදාන අද සෙනග කැදවා අධිකරණයට පාට් දමන්නට ගියද ඒවා හරි ගියේ නැත. ජාතිය අමතනවා යැයි කියා ජාතිය දැම්මද ඒවාද හරි ගියේ නැත.
62 ලක්ෂයක් ජනතාවගේ බලාපොෙරාත්තු යළිත් ඉටුකරමින් අධිකරණයේ ස්වාධිනතාවය අදත් රටටත් ලෝකයාටත් පෙන්වා හමාරය.
මේ අතර එක්සත් ජාතික පෙරමුණ අද සවසට ජනපති සිරිසේනට උණ ගැනෙන් තින්දුවද දැන් අරගනෙ හමාරය.
එනම් එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපෙක්ෂකයා වෙනින් කව්රුත් නොව රනිල් වික්රමසිංහම පමණක් යැයි කියාය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඉහත තීරණයකට එළැබියේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවකදීය.
එක්සත් ජාතික පෙරමුණ විසින් එළැබි ඉහත තීරණය අද සවස පැවති සාකච්ධාවේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් දැනුම් දීමට ද පියවර ගැණිනි.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ හයේම නායකයෝ ඉහත තීරණය ගත් සාකච්ඡාවට සහභාගී වු බව ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ නායකයා තීරණය කිරිමේ බලය කිසි ලෙසකින්වත් ජනාධිපතිට නොදෙන බව අවධාරණය කළ මනෝ ගනේෂන් මහතා ජනාධිපති කැමති වුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමි මන්ත්රීවරයා රටේ අගමැතිවරයා ලෙස නම් කළ බවද කීවේය.
ඉතින් කාල වරෙන්කෝ !
දැන් ජනපති සිරිසෙනට ගහන්න කිසිම තුරුම්පුවක් නැත.
සැබැවින්ම දැන් ජනපති සිරිසේන පත්ව ඇත්තේ ගලඋඩ කැත කළ බළලාගේ තත්වයටය. අපි ඒ දැන් එ බළලා දෙස දෑස් අයා බලාසිටින්නේමු .