Monday, November 25, 2024

ඡරාජ්ර්ණ වු මේ දේශපාලනය නව මඟකට ගෙන අලුත් ගමනක් යාම මගේ අරමුණයි – මහේෂ්

Must read

පරාජයවූත් ජරාජීර්ණවූත් මෙම දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ජීවත් වන අපටත්, අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට  අවශ්‍ය වෙනස මේ රටට ඇති කිරීම පිණිස කණ්ඩායමක් සමග අත්වැල් බැඳ ගනිමින් වෙනත් ගමනක් යාමට තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

එම පක්ෂයේ මංගල රැළිය ගම්පහ නගරයෙන් ආරම්භ කරමින් ඊයේ  (10 )  ඔහු මේ බව පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සේනානායක මහතා ,

” මෙම ගමන යාම පිණිස විශේෂඥ දැනුමක් සහිත කණ්ඩායමක් මා සමග එක්ව සිටින අතර එම පිරිස මේ රටට අවශ්‍ය ශක්තිය ලෙස මම දකිනවා. මම දේශපාලනඥයකු ලෙස නොව දේශ සේවකයෙකු ලෙස මෙම කණ්ඩායම සමග එක්ව යළිත් රටට සේවයක් ලබාදීම පිණිස කටයුතු කරනවා මිසක මට මගේ පවුලක් , ඥාතීන් හෝ මිත්‍රයින්  ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නැහැ.

මෙහිදී මම ඉදිරිපත් වන්නේ ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීම පිණිස පැහැදිලිවම , නිර්පාක්ෂිකව  ව්‍යවස්ථාවට අනුකූලවයි. රට ගොඩගැනීමට නායකත්වය ලබාදිය හැක්කේ පැහැදිලිවම නිර්පාක්ෂික ජනාධිපති  වරයෙකුට පමණයි. මම නිර්පාක්ෂිකව මේ රට ගොඩනැගීමට පියවර ගනු ලබනවා.

මට කිසිම දේශපාලන පක්ෂයක්  නැහැ. මේ මැතිවරණ ක්‍රමය තුළදී  පමණයි පක්ෂයක් පාවිච්චි කිරීමට සිදුව තිබෙන්නෙ. ඔබගේ වාසනාවට මගේ වාසනාවට ලැබි  ඇති ලාංඡන බලන්න. විදුලි බුබුලයි. මෙතෙක් කල් අඳුරේ පැවති මේ රටට ආලෝකය ලබාදීමට හැකි වන්නේ මේ ලාංඡනය යටතේ එන අපිට පමණයි. ”

මම යුධ හමුදාපති ලෙස අණදෙන අවස්ථාවේදී ලෝකයේ විශිෂ්ඨතම හමුදාවක නායකයෙකු ලෙසයි කටයුතු කළේ. එහිදී මට තිබුණ  ශක්තිය භට පිරිස. ඔවුන්ගේ කැපවිම සහ විනය. අද මෙම ක්‍රියාවලියට , මෙම මෙහෙවරට අපි සහභාගි වන්නේ ඔබලාගේ අපේක්ෂාවන් සඵල කිරීම සදහායි.

අපි  මේ රටට මෙන්ම අසල්වැසි රටවලටත් ආදර්ශමත්  මහත්මා දේශපාලනයක් ඇති කරනවා. රට වෙනස් කරන්නනම්  මෙය ජනාධිපති වර්ණයෙන් නොනැවතී  පාර්ලිමේන්තු මැතිවරණය ජයගත යුතුයි.ජනතාව බලාපොරොත්තු වන සාමය සංවර්ධනය රටට ලබාදිය යුතුයි. මේ ගැන කිසිදු සැකයක් සිතන්න එපා. අපි කරපු සෑම දෙයක්ම හරියට කර තිබෙනවා. මෙයත් ජයග්‍රහණය කරා යන ගමනක් බව සඳහන් කළ යුතුයි.

අපිත් සමග මෙම ගමන යාම පිණිස සිවිල් සංවිධාන 25 ක්  30 ක්  පමණ සම්බන්ධව සිටිනව. මේ කණ්ඩායම් කුඩා වෙන්නට පුළුවන්. මේ සැමට අවශ්‍යව ඇත්තේ මේ රට වෙනස් මගකට ගෙන යාමටයි. නිදහස ලබා වසර 71 ක්  පුරා අපි දුක් විදපු , රටේ සම්පත් නැති කරල අපි දුප්පත් කරපු මේ දේශපාලකයින් ගෙන් රට බේරා ගන්නා මෙහෙවරක් ලෙසයි මෙය දකින්නේ. මේ මෙහෙවර තමයි රටේ අනාගතය. ජනතාව මෙය දැනගත යුතුයි.

මම වසර 38 ක්  යුධ හමුදාවේ සේවය කළා. යුද්ධයට දායකත්වය දුන්නා. වසර දෙකකට වැඩි කාලයක් යුධ හමුදාපති ලෙස කටයුතු කළා. මහේෂ් සේනානායක කියන්නේ මාධ්‍ය රංගන නොකරපු චරිත. එහිදී ලබාගත් අත්දැකීම් සහ නායකත්වය මේ රටට ලබාදීමට මම අදහස් කළා. මම විශ්‍රාම ගියෙ බොහොම සතුටින්. මම කල්පනා කළා රටක තානාපති කෙනෙකු වෙනවද ? වෙනත් ආයතනයක ප්‍රධානියකු වෙනවද කියල. මම එහෙම කළා නම් මම ආත්මාර්ථකාමියෙකු බවටයි පත් වෙන්නෙ. ආත්මාර්ථකාමිත්වයෙන් මිදී නැවතත් මේ කට්ට කන්න ඔබලත් සමග එකතු උනේ.

අද රටේ බොහෝ  තරුණ පිරිස් රට හැර යනවා. මේ යන්න හදන දරුවන් මේ රටට අපි වගේ ආදරය කරන අය ලෙසින් මෙහි නතර කරගත යුතුයි.

අප පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව සකස් කර අවසන්. එය හොඳින් බලන්න, ඡේදයෙන් ඡේදය. අපි කියන්නෙ සුරංගනා කතාද කියල. ප්‍රායෝගික දෙයක්ද කියල. විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමයි. ඒ වගේම ජාතික ආරක්ෂාවට බැදුණු  වචනය තමයි, ජාතික ආර්ථික ආරක්ෂාව. මාගේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ පැහැදිලිවම ජාතික ආරක්ෂාවට සහ අපගේ ආර්ථික ආරක්ෂාව යන දෙකටයි. අපි ආර්ථික ආරක්ෂාව අපි සිදු කළේ නැත්නම් සතුරාගේ පහරට වඩා මිය යන්නට වන්නේ ආහාර නැතිවයි. අපි කෘෂි ආර්ථිකය දියුණු  කළ යුතුයි.

ඊළඟ මේ රටේ නැත්තේ මොකක්ද .? සාමය. සංහිඳියාව. මීට මේ රටේ ව්‍යවස්ථාවට අනුව මේ රටේ ජනාධිපතිවරයා පැහැදිලිවම නිර්පාක්ෂක අයෙකු විය යුතුයි. එම නිසා තමයි මම තෝරා ගත්තේ නිර්පාක්ෂිකව මෙම කණ්ඩායම් සමග ඉදරිපත් වෙන්න. නිර්පාක්ෂික නොවූ නිසා තමයි ප්‍රශ්ණය පැනනැගී තිබෙන්නේ. මේ නිසා තමයි  සෑම අංශයක්ම බෙදිල ඉන්නෙ. අපි මොකෙක්ද බෙදිලා  නැත්තෙ. ඒ නිසා මගෙන් ඔබලාට බලාපොරොත්තු වෙන්න පුළුවන් නිර්පාක්ෂිකවීම.

මේ රටේ තරුණ පිරිස අද අසහනයට පත්ව සිටිනව. අපි බලාපොරොත්තු වෙනව ඔවුනට රැකියා ලබා දිය හැකි වෘත්තීය දැනුවත් බවක් ලබාදීම තුළින් ඔවුන් මේ සමාජයට වැඩදායක පුද්ගලයින් බවට පත් කිරීමට. මේ රටේ සියයට පනස් දෙකක් පමණ ඉන්නේ කාන්තාවන්. අම්මලා සහ සහෝදරියෝ. ඔවුන්ට මේ රටේ විශ්වාසයෙන් ජීවත්වීමට හැකි ගරු කරන සමාජයක් ඇති විය යුතුයි” යනුවෙන් ‌‌සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

ගම්පහ – තිලකරත්න දිසානායක (උපුටාගැනීම – අද)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article