Saturday, September 21, 2024

ඝාතනය කෙරුනු මාධ්‍යවේදී සුගීර්දරාජන් සමරා විරෝධතාවක් |VIDEO

Must read

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදියකුගේ මරණයේ එකොලොස් වැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් මඩකලපුව නගර මධ්‍යයේ විරෝධතාවක් සහ සමරුවක් පවත්වා තිබේ.‍

සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල හිටපු ත්‍රිකුණාමලය ප්‍රධාන වාර්තාකරු ‘රාජන්’ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්දරාජන්ගේ 11 වැනි ඝාතන සංවත්සරය පවත්වා ඇත්තේ 05 ඉරිදා දිනයි.

නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ එකතුව සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතාවය සහ සමරුව සංවිධානය කර තිබු බවයි මඩකලපුව ගගන වාර්තා කරු පවසන්නේ.

සමරුව අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ විසින් මාධ්‍යවේදී සුබ්‍ර‍නියම් සුගීර්තරාජන් හදුන්වනු ලැබුවේ මහින්ද රාජපක්ෂගේ හමුදා විසින් ඝාතනය කරන ලද අහිංසක තරුණයන් පස් දෙනා පිළිබදව ඇත්ත ලෝකයට හෙලි කළ අභිත මාධ්‍යවේදීයා ලෙසයි.

 

මාධ්‍යවේදී සුබ්‍ර‍නියම් සුගීර්තරාජන් රටට අහිමි වුවත් ඔහු රටට සහ ලෝකයට නිර්භයව තමන්ගේ මාධ්‍ය මෙහෙවර ඉෂ්ට කර ඇති බවද ඔහු සදහන් කළේය.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනකු ඝාතනය කර තිබෙන බවද එහිදී සිහිපත් කළ ඔහු අවධාරණය කළේ එම 44 දෙනා අතුරින් 41 දෙනකුම දෙමළ මාධ්‍ය සගයන් බවයි.

නමුත් ඔවුන් අතුරින් එකදු දෙමළ මාධ්‍යවේදීයකුගේවත් ඝාතන පරීක්ෂණ ආරම්භ කිරීමට යහපාලන ආණ්ඩුව ක්‍රිය කල නොමැති අතර ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසිය යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.

මෙම අවස්ථාව සදහා දේශපාලඥයන්, දමිල පුවත්පත් කතුවරුවන් සහ උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන් රැසක් සහභාගිවි තිබේ.

ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනකු 2006 ජනවාරියේ ඝාතනය කෙරුණු බව හෙළි කෙරෙන ඡායාරූප රාජන් විසින් යාපනයේ සුඩරෝලි පුවත්පතේ මුල් පිටුවේ පල කොට දෙසතියක් ගතවත්ම ‘රාජන්’ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන් ඝාතනය කර තිබුනි.

 

ඝාතනය කෙරුනු ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනා හෝ මාධ්‍යවේදී සුගීර්දරාජන් හෝ සම්බන්න්ධයෙන් මේතාක් යුක්තිය ඉටුවී නොමැත.

2006 වසරේ ජනවාරි 24 අඟහරුවාදා උදෑසන සිය නිවෙසට ආසන්නයේ දී, තිස් අට හැවිරිදි දෙදරු පියකු වූ සුබ්‍ර‍මනියම් සුගීර්තරාජන්, වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු නීතිය ක්‍රියාත්මක වී නැත.
JDS 44

පසුගිය සමයේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගේ ලැයිස්තුවක් 2015 දෙසැම්බරයේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ දී මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව  විසින් අගමැති රනිල් වික්‍රමසිංහ අතට පත් කළ අතර අග්‍රාමාත්‍යවරයා එහිදි සදහන් කර තිබුනේ එම ලේඛනයේ මාධ්‍යවේදීන් 44 දෙනකුගේ නම් ඇතුලත්ව ඇති බවයි.

අගමැතිවරයාට භාර දෙන ලද ලැයිස්තුව සකස් කොට මුල් වතාවට ප්‍රසිද්ධියට පත් කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.
www.gagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article