Monday, September 14, 2026
spot_img

ගෝඨා ගෙදර යන්න ! යාපනයේත් විරෝධතා

Must read

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා එක්සත් වූ තරුණ සංවිධානයේ ප‍්‍රධානත්වයෙන් ඉරිදා යාපනයේදි ගිනි පන්දම් දල්වා‌ලමින් විරෝධතාවක් නියැලුණි.
රාත්‍රී 7 ට නිහඬව ආරම්භ වූ මෙම විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සිය ගණනක් පමණ එක්ව සිටි බව ප්‍රාදේශිය වාර්තාකරුවන් විසින් සදහන් කර ඇත.
කෝ සබඳතා, කෝ අරගල, ස්වයං නිර්ණ අයිතිය පිළිගන්න, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනු, ගෝඨා ආණ්ඩුවට ගෙදර යනු වැනි සටන් පාඨ එම අරගලයේදී මතු විය.
“ගෝඨාභයගේ ගෙදරට යන්න” කියමින් පැවැත්වෙන කොළඹදි පැවැත්වෙන විරෝධතාවට සහය පළකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙන බව සංවිධායකයෝ පැවසූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article