සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
රාමනායක මහතා පිළිබඳ සියලු නිර්දේශ වාර්තා තමා ජනාධිපතිවරයාට බාරදී අවසන් බවද හෙතෙම සඳහන් කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
මේ අතර වරද සම්බන්ධයෙන් සමාව ගැනීමේ ලියවිල්ලකටද රංජන් රාමනායක මහතා පසුගියදා අත්සන් කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායක මහතාට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය.
ඒ 2021 වර්ෂයේ ජනවාරි 12 වැනිදාය.
මේ අනුව ඔහු වසර දෙකකට ආසන්න කාලයක් මේ වනවිට සිර දඬුවම් විඳ ඇත්තේය.
රන්ජන් රාමනායක මහතා ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පසුගිය කාලයේදී රජයෙන් ඉල්ලා සිටියහ.
මේ අතර ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (19) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ ‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්යක්ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රාමනායක මහතාට එම අවස්ථාව දුන් බවයි.