Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගුරුවරුන්ට කුණු බිත්තර ගහන අය ගැන තිස්සකුට්ටි කියයි ?

Must read

නැවත විරෝධතා ආරම්භ කර තිබෙන ගුරු විරෝධතාකරුවන්ට ජනතාව තරවටු කරන කරමින් යන බව දුටු බවත්, ඊළඟ අවස්ථාවේ ඇතැම් විට කුණු බිත්තර තක්කාලි ගහන තත්වයට පත්වනු ඇතැයි ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අනතුරු අඟවා ඇති බව මාධ්‍ය විසින් දැනටමත් වාර්තා කර තිබේ.

මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බවත් ඔහු පවසා තිබුණි..

එසේ වුවහොත් ගුරු ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසෙනු ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ නිසා 21 වෙනිදා පාසලට ගොස් සහයෝගය ලබාදෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටින බවද පැවසා ඇත.

පසුගිය දිනවලදි ගුරු විදුහල්පති විරෝධතා පැවැත්වු අවස්ථාවේ එයට එරෙහිව විරෝධය පළකර සිටි සුළු පිරිස පවා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අය බව සමාජ මාධ්‍ය විසින් ඔවුන්ගේ ඡායාරූපද පළකරමින් හෙළිදරව් කර තිබුණි.

මේ එක් අයෙකු කථානායක කාර්ය මණ්ඩල සමාජිකයෙකු බවද හෙළිව තිබුණි.
ඒ් අනුව තිස්සකුට්ටි මන්ත්‍රිවරයා කියන කුණු බිත්තර ප්‍රහාරකයන්ටද සැබැවින්ම අයිතිකාරයෙකු සිටිය යුතු බව පැහැදිලිය.
webnewslk.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article