ගම්පහ, මොරගොඩ ප්රදේශයෙේ දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් තිබූ නිවසක් පිටුපස තිබූ වැසිකිළි වලක සගවා තිබියදී ස්වයංක්රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ 500 ක් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසියට හැකිව තිබේ
පසුගියදා හෝකන්දර ප්රදේශයෙන් සොයා ගත් ගිනි අවි ජාවාරමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් කරන ලද විමර්ශනවලින් පසු සඟවා තිබූ මෙම උණ්ඩ තොගය සොයා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්රියාත්මක බව පොලීසිය ප්රකාශ කළේ ය.