කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද සිට (02) එම වාහන සදහා විශේෂ ස්ටිකරයක් හදුන්වාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම ස්ටිකරය වලංගු වන්නේ එක් දිනකට පමණක් බවද පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සදහන් කරයි.
සංචරණ සිමා කාලය තුලදී එකම වාහනයක් නැවත නැවත පරීක්ෂා කිරීම වැළක්වීම සඳහා මෙම ස්ටිකරය හඳුන්වා දෙන බවත් ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවකට ලක් කර එක් ස්ථානයකදී අදාළ ස්ටිකරය අලවන අතර එය ඇලවීමෙන් පසු අද දිනට පමණක් අදාළ වාහනයට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බවත් අජිත් රෝහන මහත පවසයි.
මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස් සඳහා ප්‍රමාදයන් සිදුවන බවට ලද පැමිණිලි සලකා බැලීමෙන් පසුවයි.