Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ සිට ගමට ගිය පිරිසකට ගම්වාසීන්ගෙන් ප්‍රහාරයක් : තත්වය අසාද්‍යයි

Must read

කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිට පසුගිය මාර්තු 15වනදා ඇල්ල , නමුණුකුල පිංආරාව ප්‍රදේශයේ නිවෙස් වෙත පැමිණි පුද්ගලයන් තිදෙනෙකුට එම ප්‍රදේශයේ පිරිසක් විසින් පහරදීමේ පුවතක් වාර්තා වෙයි.
පහරදීමෙන් අසාද්‍ය තත්වයට පත් පිරිස දෙමෝදර ප්‍රදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල රෝහලට මාරු කර යවා ඇත.

මෙසේ පහරකෑමට ලක්ව ඇ⁣ත්තේ 23 හැවිරිදි කාන්තාවක් හා 45හා 55 වියැහි පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.මොවුන් තිදෙනා සිය ගම් ප්‍රදේශයට පැමිණීමෙන් පසු ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හමුවීම සඳහා නහවිල ප‍්‍රදේශයට ගොස් ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමති බවත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.

 

(මූලාශ්‍රය – ලංකාදිප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article