
ව්‍යාපෘතිය ක්‍රමවේද දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ නගරය තුළ සහ බත්තරමුල්ල, අනුරාධපුරය සහ මහනුවර යන නගරවල ස්ථාන 08ක සාමාන්‍ය ක්‍රමයේ බහු මහල් රථ ගාල් සහ යාන්ත්‍රික රථගාල් ඉදි කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීම ඉන් එක් යෝජනාවකි.
දෙවැනි යෝජනාව වන්නේ, ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල් ව්‍යාපෘතිය තුළින්ම “පෙර විකුණුම් පදනම” මත උත්පාදනය කිරීමට හැකිවන පරිදි නිවාස ඒකක, කාර්යාලීය ඉඩ පහසුකම් ඇතුළුව වෙනත් සුදුසු ව්‍යාපෘතීන් ද සහිතව නාරාහේන්පිට, පිටකොටුව ටෙලිකොම් රථගාල, කොළඹ 07 ඔට(ර්)ස් ක්‍රීඩා සමාජයේ පිහිටි ඉඩමේ රථගාල, කොළඹ 07 කිංසි ඇවනිව් යන ස්ථානවල සාමාන්‍ය ක්‍රමයේ බහු මහල් රථ ගාල් සහ යාන්ත්‍රික රථගාල් ඉදිකිරීම සඳහා යෝජනා කැඳවීම.