Friday, September 20, 2024

කොරකල්ලිමඩු ගම්මානයේ ජනතාවට තැපැල් කාර්යාලයක්

Must read

මඩකලපුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොරකල්ලිමඩු ගම්මානයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද තාවකාලික උප කොට්ඨාශ කාර්යාලය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රාජංග සතාසිවම් වියජේන්ද්‍රන් මහතා අතින් අද (15) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
කලාපයේ ජනතාවට තම තැපැල් සේවා පහසුකම් ලබා දෙන ලෙස අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා ගත් කඩිනම් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම උප තැපැල් කාර්යාලය අද ජනතා අයිතියට පත් කෙරුණා. ජනතා සේවය සලකා තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම සලකා මෙම උප තැපැල් කාර්යාලය විවෘත කර ඇත. එය සතියේ දින 3 තැපැල් සේවය සපයනු ඇත. අද උත්සවයේ ආරාධිතයන් වන්නේ නැගෙනහිර පළාතේ නියෝජ්‍ය තැපැල්පති එම්.එච්.අස්ලම්, මඩකලපුව තැපැල්පති එස්.ජගන්, පාසලේ විදුහල්පති, ගමේ සේවක මහත්ම මහත්මීන් සහ  නිලධාරීන් ද සහභාගි වූහ.

කේ.රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article