Tuesday, September 15, 2026
spot_img

කුසල් මෙන්ඩිස්ට ඇප : රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණයෙන් නියෝග

Must read

Photo – newswire

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඇප මත මුදා හැරීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.
ඒ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත වන අතර ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග ක⁣ර ඇත.නඩු විභාගය නැවතත් සැප්තැම්බර් 9 වැනදා සිදුකිරීමටනියමිතය.

ඊයේ (05) අලුයම 5 ට පමණ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැද වූ මෝටර් රථයේ ගැටී 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සිදුවීමෙන් පසු කුසල් මෙන්ඩිස් පැමිණ පානදුර උතුර පොලිස් ස්ථනය වෙත භාර වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article