Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි

Must read

කොරෝනා ආසාදිත බවට සැකකරන රෝගියකු හමුවීම හේතුවෙන් ඊයේ (9) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද (10) පෙරවරුවේ සිට නැවත විවෘත කර ප්‍රතිකාර සේවාවන් ඇරබීඹට කටයුතු කර ඇත.

මෙම ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන්ම විෂබීජහරණයකට ලක්කිරීමත්,එහි සේවය සදහා නව වෛද්‍ය කාර්යමණ්ඩලයක් සේවයේ යෙදී සිටීඹත් හේතුවෙන් ප්‍රතිකර ගැනීම සදහා පැමිණෙන ජනතාවට කිසිදු බියකින් තොරව ප්‍රතිකාර සදහා පැමිණීට හැකියාව පවතින බව වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සදහන් කරයි.

සැකසහිත රෝගියා හමුවූ අවස්ථාවෙිදි එහි සේවය කළ වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු 39 දෙනෙක් මේවනවිට රෝහල ආසන්නයේ පිහිටි කුරුණෑගල හෙද විදුහලේ ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙන බවද ඔහු සඳහන් කළේය .

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article