කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති 13 වන සියවසේ බුවනෙකබාහු රජුගේ කාලයට අයත් ගොඩනැගිල්ල ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු තවත් සිව්දෙනෙකු එරෙහිව ගොනු කර ඇති නඩුව සඳහා නීතිමය වියදම් පියවා ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් භාවිතා කිරීමේ යෝජනාවක් කුරුණෑගල මහ නගර සභාව විසින් සම්මත කර තිබේ.
මෙම යෝජනාව සම්මත කර ගෙන ඇත්තේ ඊයේ (17) දිනයේදී වන අතර සාමාජිකයින් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර 03 දෙනෙක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු, ජනතා විමුක්ති පෙරමුනගේ සාමාජිකයෙකු සහ හිටපු කුරුණෑගල නාගරික මන්ත්‍රීවරයා මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.