පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑවේ යැයි කියන සිදුවීමක් සම්බන්දයෙන් පුද්ගලයන් සිව්දෙනෙකුට විරුද්ධව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුවක පළමු විත්තිකරුවා වශයෙන් නම් කර ඇති ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය. ඒ ඔහු අද(09) මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවය.
පසුගිය 25 වැනිදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදි පළමු විත්තිකරු වන කුරුණෑගල නගරාධිපතිවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරිය වරෙන්තු නිකුත් කළාය.