වරෙන්තු නිකුත්කර ඇති කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගැනීමට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යට විශේෂ කණ්ඩායම් 6 ක් යොදවා තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ මගින් ද ඔවුන් රැඳී සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගනිමින් ඇති බවයි.
මේ වන විට එම සැකකරුවන් 5 දෙනාට විදෙස්ගතවීම වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමටද කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේවාවසම් මහතා ඊයේ නියෝග කළේ ය.