Friday, September 20, 2024

කුඩා දරුවන් අතර පැතිර යන උණක් ගැන පණිවිඩයක්

Must read

කුඩා ළමුන් අතර වේගයෙන් පැතිර යන උණ රෝග තත්වයක් මේ දිනවල පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් ⁣වෛද්‍යවරයා  සදහන් කරන්නේ,  මේ දිනවල ළමුන් අතර උණ රෝගී තත්වයන් කිහිපයක්ම පවතින බවත් ඒ අතරින් ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන් බහුලව ව්‍යාප්තවන බවයි.

ඉන්ෆ්ලුවෙන්සා ⁣රෝගී තත්වයේ ⁣රෝග ලක්ෂණ වශයෙන් උණ සමග කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා ඇතැම් අයට වමනය යන තත්වයන් ඇති විය හැකි බවත්, එවැනි රෝග ලක්ෂණ පවතීනම් හැකි සෑම අවස්ථාවකදීම දරුවන් නිවසේම රදවාගන්නා ලෙසත්,දරුවන් විවේකීව තබන ලෙසත්, උණ තත්වය පාලනය සදහා පැරසිටමෝල් මාත්‍රාවන් පමණක් ලබාදෙන ලෙසත්, නිවසින් පිටතට යන අවස්ථා වනදී මෙන්ම නිවස තුලදීත් මුඛ ආවරණ පලදින ලෙසත් වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම මෙම රෝග ලක්ෂණ හා උණ දින 3ක් පමණ පවත්නිනේ නම් Full Blood Count පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසත් එහි රුධිර පට්ටිකා අඩුවීමක් සිදුව ඇත්නම් ඉක්මනින් වෛද්‍යප්‍රතිකාර සදහා රෝහල් වෙත පැමිණෙන ලෙසටත් ⁣වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article