මාර්ගය හරහා ගමන්ගත් මවක් හා ඇගේ දරුවා මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ මියගොස් ඇත්තේ බළල්ල,පහල බලල්ල පදිංචිව සිටි වයස අවුරුදු 32 ක මවක හා වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකි.
අනතුර සිදුව ඇත්තේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ,පහළ බළල්ල දේවාල හංදිය ප්‍රදේශයේදීය.
අනතුර සිදුවන අවස්ථාවේදී අදාල කැබ් රථයේ 11දෙනෙකු ගමන් ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයන් 8දෙනෙකු මහව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. රියදුරු සහ තවත් දෙදෙනෙකු පළාගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.