Saturday, September 21, 2024

කැනඩාවේ වෙඩි තැබීමකින් 16කට අධික සංඛ්‍යාවක් මරුට

Must read

කැනඩා පොලිස් නිලධාරියෙකුගේ ඇදුමට සමාන ඇදුමක් ඇදගත් නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකල වෙඩි තැබීම් හේතුවෙන් 16 දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ කැනඩාවේ “Nova Scotia” ප්‍රාන්තයේය.මියගිය පුද්ගලයන් අතරට කැනේඩියානු කාන්තා පොලිස් නිලධාරීනියක්ද වන අතර මේ වන තෙක් සිදුවීමෙන් සිදුවූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව ගණනය කරගැනීමට පොලීසිය අපොහොසත්වී ඇත්තේ වෙඩිතැබූ පුද්ගලයා විසින් “Nova Scotia” ප්‍රාන්තය පුරා සැරිසරමින් විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම් සිදුකර ඇති බැවිනි. පොලීසිය අනතුරු අගවන්නේ සිදුවීමෙන් සිදුව ඇති සම්පූර්ණ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

කෙසේ වෙතත් පැය 12 ක මෙහෙයුමකින් පසු ඝාතකයා හසුකරගැනීමට පොලීසිය සමත්වී ඇති අතර මෙහෙයම්වලදී ඝාතකයාද මියගොස් ඇති බව මාධ්‍ය වාර්ථා කරයි.

Royal Canadian Mounted පොලීසියේ රථ වලට සමාන රථයකින් වෙඩික්කරු ගමන්කර ඇති බව වාර්ථා වෙයි.
සිදුවීමේ වෙඩික්කරු වශයෙන් කැනඩා පොලීසිය හදුනාගෙන ඇති Gabriel Wortman

 

(බීබීසී)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article