Friday, September 20, 2024

කාන්තාවන් පුහුණු කිරීම සදහා සහරාන් භාවිතා කල පුහුණු කළ මධ්‍යස්ථානයක් වටලයි

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරයේ  ත්‍රස්තවාදි නායක සහරාන් හෂිම් විසින් කාන්තාවන් පුහුණු කිරීම සදහා භාවිතා කලායැයි කියන කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන මධ්‍යස්ථානයක් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත් වී ඇත.

මාවනැල්ල බුදු පිලිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව ඔහු ලබාදුන් තොරතුරු මත මෙම ස්ථානය සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂා නිළධාරින් පැමින මෙම හෝටලයේ කාමර සහ භුමිය දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර හෝටලයේ අයිතිකරැ සහ මිට පෙර මෙම ඉඩමේ අයිතිකරැ ගෙන්ද ප්‍රශ්ණ කර ඔවුන් ගේද ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් කටයුතු කර ඇත.

මේ පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඡායාරූප – ලංකාදීප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article