Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පුළුල් කිරීමේ කටයුතු ඇර⁣ඹේ

Must read

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවතින මගී තදබදය අවම කිරීමේ අරමුණෙන් ගුවන් තොටුපල පුළුල් කිරිමේ කටයුතු ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගුවන්තොටුපල පුළුල් කිරීමේ කටයුතු සදහා ගුවන් තොටුපළ ඉදිරිපිට තිබු ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමක් නොමිලයේ ලබා දුන් බවත්,මෙම ව්‍යාපෘතිය සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 600ක් බවද වාර්තා වෙයි.මාර්ග සංවර්ධන අධිකාරිය සෘජුවම එම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙම සංවර්ධන කටයුතු මාර්තු මස 20වනදා පමණ වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා පවසයි.
මෙහිදී නව ප්‍රවේශ මාර්ගය පුළුල් කිරීම සිදුවන අතර ඒ හේතුවෙන් මාර්ග තදබදය අවම වනු ඇත.එමෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ද මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක වේ. එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ද කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අනුවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article