මුලතිව් දිස්ත්රික්කයේ ඔඩ්ඩුසුඩාන් හි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 179ක් සඳහා ඉඩම් ලබාදීමේ ඔප්පු ප්රදානය ඊයේ (09) පස්වරු 2.00ට සිදුකෙරිණි. ප්රාදේශීය ලේකම් පී.ජයරාණි මහත්මියගේ ප්රධානත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්රාදේශීය ලේකම් කාර්යාලීය සම්මන්ත්රණ ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
මුලතිව් දිසාපති කේ.විමලනාදන් මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ඉඩම් හිමිකම් ඔප්පු ප්රදානය කළේය.
මෙම ඉඩම් ඔප්පු ලබාදී ඇත්තේ එම ඉඩමේ ඉතා දිගු කලක සිට කෘෂි කටයුතුවල නිරතව සිටින පවුල් සඳහාය.
මෙම අවස්ථාවට දිස්ත්රික් ලේකම් කාර්යාල සැලසුම් අධ්යක්ෂ එම්.කේ.විල්වරාජා, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, නිලධාරීන්, ප්රාදේශීය ලේකම් කාර්යාල ඉඩම් අංශයේ නිලධාරීන්, ක්ෂේත්ර නිලධාරීන් සහ ප්රතිලාභීන් ද එක්ව සිටියහ.
ෂන්මුගම් තවසීලන්