Friday, November 22, 2024

ඒරාවුර් පොලිස් පහරදීම සහ නැගෙනහිර පොලිස් මර්ධනය

Must read

அடித்த பொலிஸ்காரர் பணியிலிருந்து இடைநிறுத்தம்! - Pagetamil

නැගෙනහිර පොලිස් මර්ධනයේ තවත් නින්දිත සිදුවිමක් 23 වනදා රාත්‍රියේදී සිදුවිය. එනම් එරාවුර් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් ඉතාම ම්ලේච්ඡ ලෙස දමිළ තරුණයින් දෙදෙනෙකුට පහර දෙන සිදුවීමයි. මෙම වීඩියෝව එක් රැයකින් මඩකලපුව දිස්ත්‍රික්කය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මෙම පහරදීම නැගෙනහිර පුරවැසියන් මත පොලිසිය විසින් සිදුකරමින් සිටින මර්ධන හස්තයේ තවත් එක්සිදුවීමක් පමණි. ඊයේ සිදුවූ මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වනවිට අත්අඩංගුවට ගෙන‍ෙ එරාවුර් සංචාරක අධිකරණ විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැර තිබේ. මේ වන විට එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමකට ද ලක්කර තිබේ.

තරුණයින් දෙදෙනෙකු වවුනතිව් පොලිසියේ පහකෑමට ලක්වෙයි


පසුගිය සැප්තැම්බර් 05 වනදා වවුනතිව් පොලීසිය විසින් ද තරුණයින් දෙදෙනෛකුට අමානුෂික ලෙස පහරදෙන ලදී. ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු නිලධාරියෙකුට දඩුවම් පමුණුවා නැත. ඒ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ගැන විමසිමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සානෙක්කියන් රාසමාණික්කම් මහතා විසින් වවුනතිව් පොලීසියට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පවසා තිබුනේ ඒ ගැන කිසිවක් පැවසිය නොහැකි බවයි.

වවුනතිව් පොලීසියේ පහරදීමට මුහුණ දුන් තරුණයා.

තරුණයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් විමසීමට පා. මන්ත්‍රී සානෙක්කියාන් රාසමාණික්කම් විසින් සැප්තැම්බර් 17 වනදා වවුනතිව් පොලිස් ස්ථානයට ගිය අවස්ථාව.

ඉරුදයපුරම් චන්ද්‍රන් විදූෂන් පොලිස් පහරකෑමකට ලක්ව මියයයි

2021 වසරේ ජුනි 02 වනදා රාත්‍රියේදී   මඩකලපුව  පොලීසිය විසින් ඉරුදයපුරම් ග්‍රාමයේදී  සාහසික ලෙස පහරදී අත්අඩංගුවට ගත් 21 හැවිරිදි  චන්ද්‍රන් විදූෂන් නැමැති 21  තරුණයා  පසුවදා මියයන ලදී. මෙම සිදුවිම සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් විසින්  පොලීසියට  චෝදනා කර සිටියි. ඔහු පිලිබදව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී  හෙළිවී ඇත්තේ ඔහු මියගොස් ඇත්තේ    අයිස් නමැති මත්ද්‍රව්‍ය   පැකට්ටුවක් ගිලදැමීම නිසා ඇතිවූ අභ්‍යන්තර පිපිරීමක් හේතුවෙන් බවයි. නමුත් දෙමාපියන් පවසන්නේ විදූෂන් රාත්‍රී ආහාරගෙන නිදාගෙන සිටියදී පොලීසිය පැමිණ පොලීසිය විසින් ඔහුට පොලු වලින් පහරදී අත්අඩංගුවට ගත් බවයි.


ෆේස් බුක් පිටු හරහා යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සැමරූවන් සිය ගණනක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට වසර එකහමාරකටත් වැඩි මෙම අත්අඩංගුවට ගැනීම් වලට චෝදනා ගොනුකොට නඩු පවරා නොමැත.ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මුවාවි මේ වනවිට නැගෙනහිර පළාතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් මෙන්ම පොලිස් පහරදීම් ද ඒ තරමටම වැඩිවී තිබේ.

සබැඳි පුවත්

පොලිසියෙන් පහර කෑ වවුනතිව් තරුණයින් ගැන පොලීසිය නිහඬ ඇයි ? – පා.ම. රාසමානික්කම් අසයි

මුහුණු පොතෙන් ත්‍රස්තවාදයට රුකුල්දුන්නා කියා තවත් තරුණයෙකු අත්අඩංගුවට

FB එක නිසා ව්‍යාපාරිකයෙකුව එරාවුර් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි

වැලි ගොඩදැමූ තරුණයෙකුට ආරක්ෂක හමුදාවෙන් වෙඩි තබයි

මඩකලපුව පොලීසියේ පහරකෑමට ලක්වූ විදූෂන් ගේ මරණය සැකසහිතයි

යුද්ධයෙන් මියගියවූවන් සැමරෑ මඩකලපුවේ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට

මාධ්‍යවේදියෙකු පළ කළ ලිපියක් ගැන පැමිණිල්ලක් විභාග කරන්න පොලිසියට අයිතියක් තිබේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article