ලික්ස්, කැරට්, බීට්, බෝංචි ඇතුළු උඩරට එළවළු මිල ගණන් 60% කින් පමණ ඉහළ ගොස් ඇති දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම බණ්ඩක්කා, මෑකරල්, කරවිල, පතොල, බටු ඇතුළු පහතරට එළවළු මිල රු. 100 කින් ඉහළ ගොස් ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.
මෙසේ එලවළු මිල ඉහල යාමට හේතු වී ඇත්තේ පවතින කාලගුණික තත්ත්වයත් සමග නිෂ්පාදන අඩුවීම බවද ඔවුන් පවසයි.