Thursday, September 17, 2026
spot_img

එළඹෙන 30 වනදා කුමන්ත්‍රණ ආණ්ඩුව තරු විසිවීමට නියමිතයි.

Must read

එළඹෙන 30වන සිකුරාදා දිනය වත්මන් දේශපාලන අර්බුදය තුල තීරණාත්මක දිනයක් වනු ඇති බවට නියතය. එදිනට කුමන්ත්‍රණ අගමැතිගේ  වැය ශීර්ෂය කපා හැරීම සඳහා කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේනතු ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය. එමෙන්ම ඊට සමාන්තරව කුමන්ත්‍රණ ඇමැති මණ්ඩලයේ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනාවකද ඡන්ද විමසීමට ලක් කිරීමට නියමිත බවද වාර්ථා වෙයි.

මේ කරුණු සම්බන්දයෙන් වන විවාදය හෙට හා බ්‍රහස්පතින්දා යන දෙදින තුල විවාදයට ගැනීමට නියමිත අතර සිකුරාදා දිනයේදී මෙම යෝජනාව සම්මත කිරීමට පාර්ලිමේනතුවේ බහුතරය විමසනු ඇත.

එලෙසම එක්සත් ජාතික පක්ෂය විසින් එදිනට 113ක බහුතරය පෙන්වා අදාල ඡන්ද විමසීම් ජයගන්නා බවටත්,අගමැති රනිල් වික්‍රමසිංහට බහුතර කැමැත්ත ඇති බවට වන දිවුරුම් පෙත්සමක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ ආරංචි සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article