අද (26) උදෑසන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය රැස්වූ අතර එහිදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්දයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද සවස 3 පමණ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරන අතර ඒ සම්බන්දයෙන් වන නිල දැනුම්දීමක් සිදුව ඇති බව වාර්තා නොවේ.
කෙසේ වෙතත් අද දිනයේදී එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ නම් ඉදිරි සතිය තුල දැවැන්ත රැළියක් පවත්වමින් අපේක්ෂකයා හදුන්වාදීමට සූදානමක් පක්ෂ සාමාජිකයන්ගේ ඇති බවද වාර්තා වෙයි.