එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අද (25) ත්රිකුණාමලය දිස්ත්රික්කයේ තුළ සංචාරයක නිරත විය. එම සංචාරයේදී ඔහු නැගෙනහිර පළාතේ ක්රියාත්මක වන සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයින් සහ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සංගම් සමඟ ත්රිකුණාමලයේ විද්යාල පාරේ ජුබිලි ශාලාවේදී රැස්වීමක් පැවැත්විණි.
ඒ සමඟම, යුද්ධයෙන් බලපෑමට ලක් වූ නැගෙනහිර ප්රජාවන්, අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින් ,සිවිල් සංවිධාන ඔවුන්ගේ දුක්ගැනවිලි කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සාමකාමී විරෝධතාවක් ජුබිලි ශාලාව ඉදිරිපිටදී පවත්වන ලදී. මෙම විරෝධතාවය අතරතුර, මහ කොමසාරිස්වරයා පිටතට පැමිණ සහභාගී වූවන්ගේ ගැටළු වලට පෞද්ගලිකව සවන් දුන්නේය.
මෙම අවස්ථාවේදී, මහ කොමසාරිස්වරයාට ඔවුන් සංදේශයක් ද භාර දෙන ලදී.




