Friday, September 20, 2024

උසස් පෙළ විභාගය සැප්තැම්බරයට ?

Must read

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්දයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවත් වාර්ථා වෙයි.

කෙසේ වෙතත් මාර්තු මස 13 වනදා සිට මේ දක්වා උසස්පෙළ සිසුන් සදහා දින 85ක් පාසල් අහිමිවී ඇති බැවින් පාසල් ආරම්භ කිරීමෙන් පසු උසස් පෙළ සිසුන් වෙනුවෙන් දින 85ක කාලයක් පාසල් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

එම අහිමි වූ දින ගණන සිසුන්ට ලබාදෙන්නේ නම් සැප්තැම්බර් මාසයට කලින් විභාගය නොපැවැත්විය හැකි බවත්,විභාගය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන්නේ නම් තවත් මාසයක කාලයක් පාසල් නිවාඩු දිය යුතු බවත්,නමුත් එසේ පාසල් නිවාඩු නොදීම හැර විභාගය පැවැත්වීම සදහා වෙනත් විකල්පයක් නොමැති බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article