Saturday, September 28, 2024

උපවාස කොට මිය තිලිපන්ගේ 37 වන සැමරුම අද යාපනයේදි !

Must read

කරුණු 5ක් මුල්කර ගනිමින් උපවාසයක නිරත වී මියගිය දීපම් දිලීපන්ගේ 37 වන සංවත්සරය අද යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ස්මාරකය අභියසදී පැවැත්වුණි

10.48 ට තියාග දීපම් දිලීපන් මිය ගිය  මොහොත සිහිකරමින් පහන් දැල්විම සිදුකර තිබුණි

 

ඊට සමගාමීව දිලීපන් උපවාසයේ නිරතව සිටි නල්ලූර් උතුර පාරේ ද මෙම උපහාර දැක්විම් සංවිධානය කර තිබුණ අතර තිලිපන්ගේ ස්මාරකයට වෙත යාපනයේ විවිධ ප්‍රදේශවලින් පෙළපාලිවලින් ජනයා පැමිණ ඇත

උතුරු නැඟෙනහිර පළාත්වල අලුතින් සැලසුම් කරන ලද සිංහල ජනාවාස නතර කිරීම, සිරගෙවල්වල සහ කඳවුරුවල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හදිසි නීතිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම, ග්‍රාමාරක්ෂක භටයන් සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම සහ  දෙමළ ප්‍රදේශවල නව පොලිස් ස්ථාන විවෘත කිරීමට එරෙහිව ත්‍යාගදීපම් දිලීපන් 1987.09.15 සිට 1987.09.26 දක්වා දින 12ක අවිහිංසාවාදී උපවාසයක් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී දියත් කර මිය ගියේය.

සටහන සහ පින්තුර – නිදර්ශන් යාපනය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article