Friday, September 20, 2024

උපකාරක පන්ති ආරම්භ කරන්නත් අවසර

Must read

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව උපකාරක පන්ති එළඹෙන ජුනි මස 15 වන දින සිට නැවත ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ.

අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100 කට සීමා වේ.

නමුත් සිසුන් සිය දෙදෙනෙකුට හෝ අදාළ පන්ති කාමරයේ හෝ ශාලාව තුළ ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් සහභාගී කරවා ගැනීමට අවසර දෙනු ලැබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article