Saturday, November 2, 2024

උතුරේ ජේයෂ්ඨතම දමිළ මාධ්‍යවේදීයා අභාවප්‍රාප්ත වෙයි

Must read

 


උතුරු පළාතේ සේවය කළ ජෙයෂ්ඨතම හා සම්මානනීය දමිළ මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම් මහතා 11 දා අභාවප්‍රාප්ත විය.
වීරකේසරී පුවත් පතේ වවුනියාව ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය රැකියාව ආරම්භ කළ ඔහු බී.බී.සී. දමිළ සේවය ඇතුලු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කීපයකම විශේෂාංග රචකයෙකු හා වාර්තාකරුවකු ලෙස සේවය කොට තිබේ.
දකුණේ සිංහල මාධ්‍යවේදීන් සමග ඉතා කුලුපගව කටයුතු කළ ඔහු වවුනියාවේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් නවක මාධ්‍යවේදීන්ට ගුරුහරුකම් ලබා දීමටත් කිසි විටකත් පසුබට වූයේ නැත.
භාෂා තුනෙන්ම කටයුතු කිරීමට හැකියාවක් තිබූ මානික්කවාසගම් මාධ්‍යවේදියා උතුරු පළාත් ආණ්ඩුකාර සම්මානය අතුලු සම්මාන කීපයකින්ම පිදුම් ලද මාධ්‍යවේදියෙකි.
පිළිකා රෝගයට ගොදුරු වී ඉතා කෙටි කලක් අසනීප තත්ත්වයෙන් සිටි ඔහු මියයන විට වයස අවුරුදු 76 කි.
අවසන් කටයුතු 13 දා වවුනියාවේදී සිදු කිරීමට නියමිතය.

එස්.එම්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article