යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව කුමාර වීරසූරිය මහතාගේ ධන පරිත්‍යායෙන් ජෙA/361, කරනවායි (උතුර) ග්‍රාමසේවා වසමේ පදිංචි අඩු ආදායම්ලාභිනියෙකු වන ගනේසමූර්ති නිලාජිනි වෙනුවෙන් ඉදිකිරිමට සැළසුම් කර ඇති නිවස සඳහා මුල්ගල තැබීමේ උත්සවය ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පැවැත්වුනි.
මෙම නිවසෙහි ඉදිකිරිම් කටයුතු 55 වන සේනාංකයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන අතර, 551 වන බළසේනාව අධීක්ෂණය යටතේ 4 වන බළඇණි සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ශ්‍රමදායකත්වය සිදුකරනු ලබයි.
මෙම මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව සඳහා සේනාංකාධිපති – 55 සේනාංකය, බළසේනාධිපති -551 බළසේනාව, බළසේනාධිපති – 553 බළසේනාව, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුධ හමුදා සාමාජිකයින් ඇතුළු අවම පිරිසක් සහභාගී විය
දිණමිණ
දිණමිණ